Sunday, February 23, 2025

General line - 0115112241

ජනපති නියමයෙන් විශේෂ දූත පිරිසක් රුසියාවට



යුක්‍රේන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට හැකි තරම් ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු තානාපතිවරයෙකු ඇතුළු පිරිසක් නියෝජනය කරමින් එම ධූත පිරිස යැවීමට ජනාධිපතිවරයා උපෙදස් දුන් බවයි. 


රුසියාවට ගිය පුද්ගලයින්ගේ තොරතුරු එක් රැස් කිරීම සඳහා මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂෙණික දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වනවා.

 


රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකන් 16 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ පැවසුවේ.

යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් මේවන විට ලැබී ඇති බවද සඳහන්.