Sunday, February 23, 2025

General line - 0115112241

පොදු සමාව යටතේ හමුදාවෙන් ඉවත්වෙන්න 15,000කගෙන් ඉල්ලිම්



නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වීමට ලබා දුන් පොදු සමා කාලයේදී හමුදාවෙන් ඉවත් වීම සඳහා මේ වන විට 15,000ක පමණ පිරිසක් ඉදිරිපත්ව සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නීත්‍යානුකූල ලෙස හමුදාවෙන් ඉවත් නොවී සේවය හැර ගිය පිරිස් වෙනුවෙන් ලබාදුන් පොදු සමා කාලය මෙම මස 20 වනදායින් අවසන් වීමට නියමිත බවයි.


2030 වර්ෂය වන විට ලක්ෂයක පමණ හමුදාවක් රඳවා ගැනීමට අපේක්ෂා කරන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවේ.


‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.