ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදහස ලැබූ නේපාල ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් ලමිෂේන් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව බොහෝ දුරට ඔහු එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ නේපාල සංචිතයට ඇතුළත් කරනු ඇති.
නේපාල ක්‍රිකට් සංගමය පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසරය ලැබුනහොත් ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කරන බවයි.
ජුනි පළමුවනදා ආරම්භ වන ලෝක කුසලානයට සහභාගී වන නේපාල සංචිතය මේ වන විටත් ප්‍රකාශ කර අවසන්.
ඕනෑම කණ්ඩායමකට සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ලබන 25වනදා තෙක් අවස්ථාව පවතිනවා.
සන්දීප් ලමිෂේන් ලොව පුරා දැඩි කතාබහකට ලක්වුණේ වයස අවුරුදු 15 සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැකගත හැකි වූ බැවින්.
ඔහුගේ සුවිශේෂී පන්දු යැවීම ඊට හේතු වූ අතර සන්දීප් ලෝකයට හඳුන්වා දුන්නේ නේපාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සිටි පුබුදු දසනායකයි.