Sunday, February 23, 2025

General line - 0115112241

එළඹෙන සතියේදී පනත් දෙකක් පාර්ලිමේන්තුවට



ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට එළඹෙන සතියේදී පනත් දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ පවසනවා. 

ඔහු මේ බව පවසා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී.

එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් 

" ජනාධිපතිතුමා විසින් ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා තමයි මෙම පනත් දෙක ඉදිරිපත් වන්නේ කියන කාරණය සඳහන් කළ යුතුයි. 

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික පරිවර්තනීය පනත් කෙටුම්පත විදියට තමයි මේ පනත නම් කරලා තිබෙන්නේ.

මේ පනත තුළින් තාක්ෂණික වැඩි දියුණු වීම්, පාරිසරික අභියෝග මගින් ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය ආර්ථික ක්‍රමවේදයන්, පොදු ආර්ථික අභියෝග වලට පිළිතුරු සෙවීමේදී, ජාතික ආර්ථිකයන්හි අන්තර් සබඳතාවය සහ අන්තර්ජාතික සහයෝගීතාවය ආරක්ෂා කිරීමේ වැදගත්කම සඳහා සහ තිරසර සංවර්ධනය ශක්තිමත් කිරීම සහ වැඩි දියුණු කිරීම, ඵලදායිතාවය නැංවීම, සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම, සියලුම පුරවැසියන්ට සමාන අවස්ථා සහතික කිරීම සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය වෙනුවෙන් වූ ක්‍රමවේද සැකසීම යන කාරණා තමා මේ පනත තුලින් අපේක්ෂා කරන්නේ. 

යටිතල පහසුකම්වල ආයෝජනය කිරීම සහ අවශ්‍ය පොදු පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී අවධාරණය කෙරෙනවා. 

ආර්ථික වර්ධනය මෙහෙයවීමේදී අලුතින් රැකියා අවස්ථා නිර්මාණය කිරීම, නවත්වාදනය සහ තාක්ෂණික දියුණුව වැඩිදියුණු කිරීම, ආයතන මණ්ඩලය තුළ තිබෙන ගැටලු අවසන් කරලා ආයෝජකයින්ටිටයි ඉක්මනින් ආයෝජනය කිරීමේ අවස්ථා සකසා දීමක් මෙහි අරමුණු අතර වෙනවා. 

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව ,ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය ජාත්‍යන්තර ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳ ආයතනය ආරම්භ කිරීම සිදුවෙනවා. 

ආයෝජන මණ්ඩල පනත ඉවත් කරලා ඒ වෙනුවට ඉඩම් සම්බන්ධ විධිවිධාන අලුතෙන් එකතු කරලා අලුත් පනතක් හරහා ආයෝජන පහසුකම් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. 

මේ පනත හරහා  විශේෂයෙන්ම තිබූ බාධාවන් ඉවත් වීම සිදුවෙනවා.

ඒ වගේම 2017 වසරේ ආරම්භ කරලා තිබූ නවතා දැමූ සුරක්ෂා රක්ෂණය නැවත ආරම්භ කිරීම සිදුවෙනවා. 

ජනාධිපතිතුමා නැවතත් දරුවන් ගැන සිතමින් සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම ඉතාම වැදගත් කාලෝචිත කාරණයක් බව සඳහන් කළ යුතුයි. 

ඒ වගේම මාර්ගගත ඔස්සේ මෙහි ප්‍රතිලාභ දරුවන්ට ඉතා ඉක්මනින් ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

පාසල් වයසේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමත්, ඔවුන්ගේ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා දායක වීමටත්, දෙමව්පියන් වෙත පැටවෙන බර ලිහිල් කිරීමත් මෙහිදී සිදුවෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණය සඳහන් පරිදි රක්ෂණය සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනයක් මේ සඳහා  දායක කර ගැනීමට නියමිතව තිබෙනවා. 

2022 වසරෙන් පසුව මේ සුරක්ෂාරක්ෂණය ක්‍රියාත්මක වුණේ නැහැ. 

ඉදිරි කාලය තුළදී 2024 මාර්තු මස  පළවෙනි දිනට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. 

මෙහි ප්‍රතිලාභ හැටියට සෞඛ්‍ය රක්ෂාරණය, නේවාසික ප්‍රතිලාභ ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ තුනක් දක්වා රජයේ හෝ පුද්ගලික ඕනෑම රෝහලක ප්‍රතිකාර ලැබීමේ හැකියාව, බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් විසිදහසක් දක්වාත්, අසාධ්‍ය රෝගී තත්ත්වයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 දක්වාත් ප්‍රතිලාභය හිමි වෙනවා. 

සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ විශේෂ පාසල සිසුන් සඳහා අනතුරු රක්ෂාවරණ සෞඛ්‍ය රක්ෂාවරණය, ජීවිත රක්ෂාවරණය ආදී රක්ෂණ වාර තුනක් මිදි ලබා ගැනීමට හැකියාව තිබෙනවා. 

එය අනුව ලක්ෂ 45ක පාසල් දරුවන්ට මේ තුළින් ප්‍රතිලාභ හිමි වෙනවා. 

වයස් සීමාව ජාත්‍යන්තර පාසල හෝ පෞද්ගලික පාසල හෝ රජයේ රෝහල  සොයන්න ගැටලුවක් නැහැ  "