තිරිඟු පිටි මිල ඉහළ නැංවීම, අඛණ්ඩව ඉහළ යන උද්ධමනය සහ විදුලි බිලට එරෙහි විරෝධතා හේතුවෙන් කැළඹී ඇති පාකිස්තානය අත්පත් කරගත් කාශ්මීරයේ මුසාෆරාබාද් අගනුවර ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකදී ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට වෙඩි තබා තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලැබූ බවයි පකිස්තාන මාධ්‍ය වාර්තා පවසන්නේ.
කෙසේවෙතත් මෙම මරණවලින් අනතුරුව පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විරෝධතාකරුවන් සහ ප්‍රාදේශීය ආන්ඩුව අතර පැවති සාකච්ඡා අඩපණ වීමෙන් පසු කලාපයට වහාම මුදා හැරීම සඳහා පාකිස්තාන රුපියල් බිලියන 23 ක සහනාධාරයක් අගමැති ෂෙබාස් ෂරීෆ් ඊයේ අනුමත කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, සහනාධාරය ලබා දීමට රජය ගත් තීරණය කලාපයේ නොසන්සුන්තාව පාලනය කිරීමට අසමත්ව ඇති බවයි පකිස්තාන මාධ්‍ය පෙන්වා දෙන්නේ