Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවට කොදෙව් දේශයේදි ටෙස්ට් ජයක්




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (22) සමත් වුණා. ඒ තරග හතරකින් සමන්විත එම ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය ගනිමින්.

දෙරට අතර ටි‍්‍රනිඩෑඩ් හි පැවති සිවුවන සහ අවසන් ටෙස්ට් තරගය ඊයේ අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එම තරගයේ කී‍්‍රඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 22ක් පමණයි. තරගයේ දින හතරක්ම වර්ෂාව නිසා සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා.

මෙම තරගය වාර්තා පොත් අතරට එක් වූයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් නිම වූ පස්වන ටෙස්ට් තරගය ලෙසයි.

අඩුම පන්දු සංඛ්‍යාවකින් නිම වූ ටෙස්ට් තරගය ලෙස වාර්තා පොත් අතරට එක් වී ඇත්තේ බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායම සහ එංගලන්තය අතර 2009 වසරේ පැවැති ටෙස්ට් තරගයක්. එම තරගයේදී කී‍්‍රඩා කිරීමට හැකිවී තිබෙන්නේ පන්දු 10ක් පමණයි.

01