Saturday, February 22, 2025

General line - 0115112241

අමෙරිකාව සහ චීනය අතර අලුත් අර්බුධයක්



අමෙරිකාවේ Biden පරිපාලනය විසින් චීන විදුලි වාහන ආනයනය සඳහා තීරුබදු සියයට 25 සිට 100 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව අමෙරිකාවේ නව තීරුබදුවලට දැඩි ලෙස විරුද්ධ වන බවයි චීනය පවසන්නේ.

එමෙන්ම දෙරට අතර පවතින පුළුල් සම්බන්ධතාවයට වෙළඳ බාධක බලපානු ඇති බවට ද චීනය අමෙරිකාව වෙත අනතුරු අගවා ඇතැයි සඳහන්.

එමෙන්ම සිය රටේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවයි චීන රජය පවසා ඇත්තේ.

චීනයේ වාණිජ අමාත්‍යාංශය ද කියා සිටියේ මෙම පියවර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ චීනය පිළිබඳ පෙර ස්ථාවරයට පටහැනි බවයි