ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 වනදා දක්වා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එලෙස ඉන්දුනීසියාවට පිටත්ව යාමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10වන ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගී වීමට නියමිතයි.
“සාමූහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 20 වන දින පැවැත්වෙන රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එහිදී ජනාධිපතිවරයා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.