Saturday, February 22, 2025

General line - 0115112241

පොහොට්ටුවට අවශ්‍ය මහ මැතිවරණය ද? - මහින්දගෙන් උත්තරයක්



ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 


ජාතික සම්පත් විකිණීමේ රජයේ වැඩපිළිවෙල අනුමත නොකරන බවයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ.

ආණ්ඩුවට සහය දැක්වුව ද සිය පක්ෂයේ ස්වාධීනත්වය ආණ්ඩුවට පාවාදී නොමැති බවද ඔහු එහිදී අවධාරණය කළා.