මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමඟ ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් පැවැති සකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලිමක් කළ අතර ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසර තුළ නැවතත් කිසිදු අයුරකින් රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් ලබා දීමේ හැකියාවක් රජයට නොමැති බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් පසුගිය සදුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බවයි.