මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අපොස උසස් පෙළ පන්ති ජූනි මස 04වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඊට අදාළ චක්‍රලේඛය මේවන විටත් නිකුත් කර ඇති බවයි.
එම චක්‍රලේඛය සියලුම පළාත්වල අධ්‍යාපන බලධාරින් වෙත යොමුකර ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.
මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්තනම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි අතර පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම අපොස උසස් පෙළ අධ්‍යයනය කටයුතු ආරම්භ කළ යුතු බවට වන යෝජනාව සම්මත කර ගැණුනේ පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.
සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සහ උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය සඳහා ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීම අරමුණු කර ගනිමින් එම යෝජනාව සම්මත කර ගැණුනා.