දීර්ඝ කාලයක් තිස්සේ කළුතර හා අවට ප්‍රදේශ රැසකටම මත්කරල් ජාවාරමේ නිරත වූ "පෙති රුකා" නැමැති අන්වර්ථ නමින් හඳුන්වන සැකකරු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙඅන තිබෙනවා.
ඊයේ සවස කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කළුතර උතුර තොටුපළ පාරේදී සිදු කරන ලද හදිසි වැටලීමකදී "පෙති රුකා" නමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මෙම සැකකරු සන්තකයේ තිබී මත්කරල් 400 ආසන්න ප්‍රමාණයක් සහ කේරළ ගංජා ග්‍රෑම් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
මෙම සැකකරු මීට පෙරද මත්කරල් හා මත් පෙති ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින ලේඛනගත සැකකරුවෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ
කළුතර ප්‍රදේශයට මත්කරල් බෙදා හරින ප්‍රධාන ජාලයක ගෝලයෙකු ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරු කළුතර උතුර ,නාගස් හන්දිය , කළුතර නගරය, වස්කඩුව ,පොතුපිටිය ආදී ප්‍රදේශ රැසකටම ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ මත්කරල් හා මත්පෙති බාල වයස්කාර සහ උපකාරක පන්ති වලට සහභාගී වන පුද්ගලයින්ට හා විවිධ තරාතිරමේ පුද්ගලයින්ට මත්කරල් ජාවාරම සිදුකර තිබෙනවා.
මෙම මත්කරල් මානසික රෝගීන්ට ලබාදෙන මත් කරල් විශේෂයක් බවට හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් වයස අවුරුදු 29 වීයැති මෙම සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි