Sunday, February 23, 2025

General line - 0115112241

ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇගවීමක්



දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලත් ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශවලත් තද සුළං සමඟ තද වැසි පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මුහුදු ප්‍රදේශ ද ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

අදාළ මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළා.

එමෙන්ම මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවදානය යොමුකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.