Saturday, February 22, 2025

General line - 0115112241

රතුපස්වල නඩු තීන්දුව ප්‍රකාශයට



රතුපස්වල ප්‍රදේශවාසීන් පිරිසක් වැලිවේරිය නගරයේදී පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අද නිදොස් කොට නිදහස් කෙරුණා.

ඒල ගම්පහ මහාධිකරණය විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දුන් නියෝගයක් මතයි.

පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බවට පවසමින් රතුපස්වල ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වූයේ 2013 වසරේදීයි.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට යුද හමුදා නිලධාරීන් වෙඩි තැබීමක් සිදු කර තිබුණා.

එම වෙඩි තැබීමෙන්  පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මිය ගිය අතර පුද්ගලයන් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.