සිය වෘත්තීය ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් තමන් විසින් ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යන සංවේදී සේවාවලින්ද ඉවත් වීමට සිදු වන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
ඒ අනුව සත්ත්ව ගොවිපළ, රෝහල්, ගොවිබිම්වල රාජකාරීවලින් ඉවත්වීමට සිදු වන බව ඔවුන් අනතුරු අඟවනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා පැවසුවේ තමන් විසින් ආරම්භ කළ වැඩවර්ජනයට සති දෙකකට අධික කාලයක් ගත වුවත් මෙතෙක් විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන්නේ නම් සේවයට වාර්තා කර විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.