ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද දිවයිනෙන් පිටත්ව ගියා.
ජනාධිපතිවරයා සමග තවත් 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද දිවයිනෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජකර්තා නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.
“සාමූහික සෞභාග්‍යය සඳහා ජලය” යන තේමාව යටතේ මෙම ලෝක ජල සමුළුව අද සිට ලබන 20 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වෙනවා.
එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයට එක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ අනුව ලබන 20 වනදා එම සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිය දෙදින නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමංසිහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග ද්ව්පාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.