පසුගියදා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේදී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදුන් අපේක්ෂකයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
එම විභාගයේදී පැවති ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්ම වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතද පැමිණිලි ඉදිරිපත් වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ එම කොමිසම විභාගයේදී පැවති ගැටලුකාරී තත්ත්වයන් විමසීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයාද කැඳවා තිබුණා.
එම කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ට යහපතක් වන ආකාරයේ තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවයි.