පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තෙහි ස්ථාපිත කළ අධි බලැති උඳුනෙන් ප්‍රථම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද සිදු වනවා.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහභාගීත්වයෙන්.
මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා අධිකරණ විනිසුරුවරුන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ද එම අවස්ථාවට එක් වන බවයි පොලීසිය පැවසුවේ.
එහිදී මෑතකදී නඩු කටයුතු අවසන් වූ පකිස්ථාන ජාතකියන් 07දෙනෙකු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් කිලෝ 279යි ග්‍රෑම් 591ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45යි ග්‍රෑම් 654ක් එම අධි බලැති උඳුන භාවිතයෙන් අද පස්වරු 05ට විනාශ කෙරෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය සෙල්ෂියස් අංශක 800ත් 1,200ත් අතර වූ උෂ්නත්වයකින් විනාශ කළ යුතු වනවා. ඒ සඳහා වැය වන කාලය පැය 08ක්.
මෙම උඳුන පැයක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝග්‍රෑම් 15ක් සහ ඩීසල් ලීටර් 04ක් අවශ්‍ය බවයි පොලීසිය පැවසුවේ.