ජූනි මාසය තුළ ලොව පුරා සිදුකරන සමලිංගිකයන්ගේ සැමරීම් ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවිය හැකි බවට අමෙරිකාව විසින් අනතුරු අඟවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එරට රජය අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මෙම සැමරුම්වලදී සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන පිළිබඳ විමසිලිමත් වන ලෙසටද අමෙරිකාව අනතුරු අඟවා තිබෙනවා.
කෙසේවෙතත් අදාළ අනතුරු ඇඟවීම්වල නිශ්චිත රැස්වීම් හෝ ස්ථාන සඳහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
අමෙරිකානු බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු මත මෙම අනතුරු ඇඟවීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මීට පෙරද ප්‍රයිඩ් මාසය ලෙස හදුන්වන ජුනි මාසයේදී මෙවැනි ප්‍රහාරයන් සිදු වී ඇති බව සඳහන්.
ඒ අනුව 2016 ජූනි මාසයේ දී ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝහි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවකදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
එරට රජය පැවසුවේ අදාළ වෙඩි තැබීම ISIS සංවිධානය විසින් සිදු කළ බවයි.
ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 49 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයන් 53 දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වුණේ.
2023 වර්ෂයේදීද ඕස්ට්‍රේලියාවේ වියානා නුවර පැවති සමලිංගිකයන්ගේ පෙළපාලියකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම ප්‍රහාරකයන් ISIS ත්‍රස්තවාදීන් බවට සැක පළ කරන බවයි.
එසේම පසුගිය කාලයේදී සමලිංගික ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ හිරිහැර කිරීම් 145ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.