“කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටවීමට තැත් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදීයි.
ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වනවා.
අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු ව්‍යාපාරිකයෙකු වන බවත් ඔහු එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතීඥවරයෙකුගේ පුත්‍රයෙකු බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පැවසුවා.
සැකකාර ව්‍යාපාරිකයා සිංගප්පූරුවේ මෙරටට පැමිණ තිබෙනවා. ඔහු රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 602 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර වාලච්චේන, තියවට්ටවාන්, නාවල්ලඩි ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලීමකදී නීති විරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්ලඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ නීති විරෝධී දුම්වැටි 803ක් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල්ලඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.