Saturday, February 22, 2025

General line - 0115112241

පොලිස් නිලධාරීන්ට ඇමති ටිරාන්ගෙන් යළි දැනුම්දීමක්

ජූඩ් සමන්ත



නිසි පරිදි රාජකාරිය ඉටු කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද දිනයේද ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

ඒ, හලාවත පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම සඳහා වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. 

අත්අඩංගුවට ගන්නා කිසිදු පුද්ගලයෙකු නිදහස් කිරීම සඳහා තමන් බලපෑම් නොකරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කියා සිටියා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද මෙහිදී අදහස් පළ කළා.