දන්සැල් ලියාපදිංචිය හරහා එම දන්සැල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සංවිධායකවරුන් දැනුවත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව දන්සැල් පැවැත්වීමට පෙර එම ලියාපදිංචිය අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ පැවසුවේ.
අදාළ දන්සැල් පවත්වන ස්ථානද පූර්ණ පරික්ෂාවට ලක් කෙරෙන බවයි ඔහු පැවසුවේ.
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචිය ආරම්භ කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.