බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ පස් කඳු කඩාවැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ග දෙකක් ඊයේ රාත්‍රියේ සිට වසාදමා තිබෙනවා.
ඇල්ල - පස්සර ප්‍රධාන මාර්ගයේ 21 කිලෝමීටර් කණුව, කොටුගහතැන්න ප්‍රදේශයේදී මාර්ගයට පස් කඳු කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ රාත්‍රියේ තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගය අද උදෑසන 06ට යළි විවෘත කෙරුණා.
එම ප්‍රධාන මාර්ගයට ප්‍රදේශ කිහිපයකදී රොන්මඩ සහිත ජලය ගලා ඒම ඉහළ යාම හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය ඊයේ රාත්‍රි 08 සිට තාවකාලිකව වසා දැමුණා.
අද අලුයම මාර්ගයේ සිදුකළ පරික්ෂාවකින් අනතුරුව යළි ඇල්ල වැල්ලවාය මාර්ගය විවෘත කිරීමට පියවර ගත් බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය පැවසුවේ.