Saturday, February 22, 2025

General line - 0115112241

එකම පවුලේ තිදෙනෙකු මීරිගමදී ඝාතනය කරයි



මීරිගම, නාල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 80 හැවිරිදි පියා, 70 හැවිරිදි මව සහ 42 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රායයි.

එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිසිය සැක පළකරන්නේ කරන්නේ මුදල් කොල්ල කෑමක් සඳහා එම සැකකරු නිවසට ඇතුළු වීමේදී එම ඝාතනය සිදුකර ඇති බවටයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂක 03ට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාලදෙණි පොලිස විසින් සිදුකරනු ලබනවා.