රජය විසින් ජනතාවගෙන් අයකරගනු ලබන බදු නිසි පරිදි වියදම් කරන ආකාරය පිළිබඳව වැඩපිළවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
බදු ගෙවන්නාගේ සැකය දුරුකර ගැනීමේ අරමුණින් ලබන 22වනදා සිට රාජ්‍ය මූල්‍ය කලමණාකරණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
ඉදිරියේදී සියලු දෙනාටම බදු ලිපි ගොනුවක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් සඳහන් කළා.