මෑත වසරවලදී කැනේඩියාවේ ඇතැම් ප්‍රදේශවල අයිතිකරුවන නොමැති මළ සිරුරු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය සඳහා හේතු වී ඇත්තේ සමීපතම ඥාතීන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා විශාල වියදමක් වැය වීම බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එසේම කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ නගරයක් වන ඔන්ටාරියෝ හි මළ සිරුරු ප්‍රමාණය 2013 දී 242 සිට 2023 දී 1,183 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට ප්‍රධාන හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කලේ.
මෙම සිදුවීමත් සමඟ එක් පළාතකට එක් ගබඩාවක් ඉදිකිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔන්ටාරියෝ ප්‍රදේශයේ පුද්ගල මළ සිරුරක් පැය 24 කට පසුව හිමිකම් නොමැති මල සිරුරක් ලෙස හඳුන්වනවා.
එසේම මළ සිරුර සඳහා හිමිකම් පෑමට නොහැකි බව ඥාතීන් තහවුරු කරන්නේ නම් ප්‍රාදේශීය මහ නගර සභාව අවමංගල්‍ය කටයුතු සිදු කරන බවයි එරට රජය පැවසුවේ.
කෙසේ වෙතත් මේ වන විට කැනඩාවේ අවමංගල්‍යය කටයුතු සඳහා ඩොලර් 6,000 සිට ඩොලර් 8,800 දක්වා වියදමක් වැය වන බවයි වාර්තා වන්නේ.