වීසා රහිත සංචාරක කටයුතු දියත් කිරීම පිළිබඳ පළමු ඉන්දු - රුසියානු ඒකාබද්ධ උපදේශනය ජුනි මාසයේදී පවත්වනු ඇති බව වාර්තා වනවා.
අනතුරුව වසර අවසානය වන විට ඒ සඳහා ද්විපාර්ශ්වික ගිවිසුමක් ඇති කර ගන්නා බව රුසියානු අමාත්‍යවරයකු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම අමාත්‍යවරයා පවසා ඇත්තේ දෙරට අතර වීසා-රහිත සංචාරක ක්‍රියාවලිය මේවනවිට ඉදිරියට යමින් ඇති බවයි.
එහි කටයුතු අභ්‍යන්තර රාජ්‍ය සම්බන්ධීකරණයේ අවසන් අදියරේ පවතින බව ද එම අමාත්‍යවරයා පවසා තිබෙනවා.
මීට පෙර, පෙබරවාරි මාසයේදී රුසියානු ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ චීනය සහ ඉරානය සමඟ අත්සන් කරන ලද සමාන ගිවිසුම් අනුව 2024 දී ඉන්දියාව සමඟ ද වීසා රහිත සංචාරක හුවමාරුවක් දියත් කිරීමට අපේක්ෂා කරන බවයි