Saturday, February 22, 2025

General line - 0115112241

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානය අනතුරකට ලක්වෙයි



ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් රථ පෙළකින් එක් හෙලිකොප්ටරයක් ​​හදිසි ආපදා තත්ත්වයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

අනතුර සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග තිදෙනෙකුගෙන් යුත් පිරිසක් එම හෙලිකොප්ටර් රථ පෙළේ එක් හෙලිකොප්ටරයක් තුළ සිටි බවයි වාර්තා වන්නේ

ජනාධිපති රයිසි ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාත බලා යමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බව එරට රජය වාර්තා කරන්නේ

ඉරාන රජයේ රූපවාහිනිය වාර්තා කළේ අනතුර සිදුවූ ස්ථානයට මුදාගැනීමේ කණ්ඩායම් යවා ඇති බවයි.
ජනාධිපතිවරයාට අමතරව ඔහු ගමන් ගත් හෙලිකොප්ටරයේ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සිට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වර්තා  කරන්නේ  

අයහපත් කාලගුණික තත්ත්වයන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වි තිබෙන බවයි වර්තා  වන්නේ