ඉරාන තානාධිපති ආචාර්ය ඇලිරේසා ඩෙල්කොෂ්ට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසනවා.
තනාධිපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථ ගාලට රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙකු සමඟ ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් අදාළ පුද්ගලයා තානාධිපතිවරයාට පහරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේ ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ.