Sunday, February 23, 2025

General line - 0115112241

වෙඩික්කරුවන්ගේ ඉලක්ක වෙනස්වෙයි - පොලිසියෙන් අනාවරණයක්



පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ වෙඩි තැබීමේ සිද්ධීන් ඉදිරියේදී තවදුරටත් පාලනය කිරීමට පොලීසියට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.


තමන්ට ඝාතනය කිරීමට අවශ්‍ය පුද්ගලයා වෙනුවට ඔවුන්ගේ ඥාතීන් ඝාතනය කිරීමේ ප්‍රවණතාවක් අපරාධකරුවන් අතර දක්නට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.