Friday, April 26, 2024

General line - 0115112241

බසයක් පෙරලී අයෙකු මරුට 18ක් රෝහලේ (PHOTOS)




මඩු වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයක් මන්නාරම – යාපනය ප‍්‍රධාන මාර්ගයේ මන්ඩෙක්රුකල්ලාරු ප‍්‍රදේශයේදී පෙරලී යාමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරුන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනය ඉලවාලෙයි ප‍්‍රදේශයේ සිට මඩු වන්දනාවේ පැමිණි පිරිසක්.

අධික වේගය අනතුරට හේතුවී ඇති බවයි පොලීසිය පැවසුවේ. තුවාල ලැබූවන් යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

Image00001accident Image00002accident