ග්‍රාම නිලධාරින්ගේ ගැටළු සහ සේවා ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන අධ්‍යක්ෂ සමඟ සාකච්ඡාවක් ලබාදී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසුවේ අද පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටළු වලට විසදුමක් නොලැබුනහොත් පවත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි
ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව විසින් සිය දීමනා වැඩිකරන ලෙස ඉල්ලමින් පසුගිය 14, 15, 16 යන දිනයන්හි අසනීප නිවාඩු වාර්තා කරමින් දින තුනක වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරත වුණා.
පසුව ඔවුන් තීරණය කරනු ලැබුවේ දේශපාලකයින් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවී සිටීමටයි.