Wednesday, March 26, 2025

General line - 0115112241

ජාවාරම්කරුවන්ට එරෙහි වූ මීගමුව එස් එස් පී මාරු කරන්න රාජ්‍ය අමාත්‍යවරයෙක් වෑයමක

දමිත් තිසර



මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා එම තනතුරෙන් ඉවත් කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයකු උත්සාහ දරමින් සිටින බව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක හසිත විජේසිංහ පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ විසින් අදාළ නිලධාරියාට ස්ථාන මාරුවක් ලබාදීමට එලෙස උත්සාහ දරන බවයි.

දේශපාලඥයන්ගේ වුවමනා එපාකම් මත කටයුතු නොකරන නිලධාරින් මුහුණපාන ගැටළු පිළිබඳ වගකිව යුතු බලධාරින් අවධානය යොමුකළ යුතු බවද දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක හසිත විජේසිංහ එම මාධ්‍ය හමුවේදී පැවසුවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නෙත් නිවුස් අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ.