පසුගිය දින කිහිපයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වතාවක් අවප්‍රමාණය වීම අසාමාණ්‍ය තත්ත්වයක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඩොලරයේ අගය ඉල්ලුම සහ සැපයුම මත තීරණය වීමට ඉඩ සලසා ඇති බැවින් ඩොලරයේ අගය විටින් විට අඩුවීම හෝ වැඩිවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
ක්‍රමානුකූලව පහත වැටෙමින් තිබූ ඩොලරයේ අගය පසුගිය දින කිහිපයේදී නැවත වරක් ඉහළ යාමට බලපෑ හේතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමක දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පළ කළා.
අවශ්‍ය අවස්ථාවලදී ඩොලරයේ අගය පාලය කිරීමට මේවන විට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් පවතින බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.