විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී සිදුකල මෙහෙයුම්වලදී සැකකරුවන් 699 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ අතරින් සැකකරුවන් 20 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.
තවත් සැකකරුවන් 08 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා.
එම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 468 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 201ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 93ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ගණනාවක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.