Tuesday, May 6, 2025

General line - 0115112241

රුපියල් හත් කෝටියකට අධික හෙරොයින් තොගයක් කටුනායකදී අල්ලයි

ටී කේ ජී කපිල



රුපියල් හත් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවාගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි පාකිස්තානු ජාතික කාන්තාවක්.

ඇය මෙරට සංචාරය සඳහා පැමිණෙන බව හඟවමින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත්කර තිබෙනවා.

සැකකාර කාන්තාව රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 450ක් සොයාගත් බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර පාකිස්තානු ජාතික කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.