Sunday, February 23, 2025

General line - 0115112241

ඇමති විජේදාසට වාරණයක්

උදය කුමාර



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස  අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මේ පිළිබඳ තවත් තොරතුරු සවස 06.45 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.