Wednesday, March 26, 2025

General line - 0115112241

තායිවානයෙන් චීනයට අලුත් චෝදනාවක්



තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ග්වාතමාලාව සමඟ ඩොලර් රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ චීනයේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එය ජනාධිපති ලෙස තේරී පත් වූ ලායි චිං-ටේ සහ උප ජනාධිපති ෂියාඕ බි-කිම්ගේ දිවුරුම් දීමේ අවස්ථාව අවභාවිතා කිරීමට චීනයේ උපක්‍රමයක් සහ විදේශ සබඳතා කඩාකප්පල් කිරීමට දරණ උත්සාහයක් ලෙස ද තායිවානය හඳුන්වනු ලැබුවා.

තායිවානයේ විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ තායිවානය ගෝතමාලාවේ නීති සම්පාදකයින්ට මුදල් ගෙවමින් ගෝතමාලාවෙන් දේශපාලන සහයෝගය ලබා ගන්නා බවට චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කිරීමෙන් පසුව බව තායිවාන පුවත් වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, “චීනය සිය නව ජනාධිපතිවරයාගේ සහ උප ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව ව්‍යාකූල කිරීමේ උත්සාහයක් ලෙස නැවත වරක් නින්දිත උපක්‍රම භාවිතා කර ඇති බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය එය දැඩි ලෙස හෙළා දකින අතර තායිවානය යනු ස්වෛරී සහ ස්වාධීන රටක් බවට ද චීනයට දැඩි ලෙස අනතුරු අගවා තිබෙනවා.

එමෙන්ම සිය රටේ රාජ්‍ය තාන්ත්‍රික කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට චීනයට අයිතියක් නොමැති බවයි තායිවානය පවසන්නේ