Wednesday, March 26, 2025

General line - 0115112241

තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් 09 දෙනෙකු සහ තවත් සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ආරම්භ කර ඇති මෙහෙයුම යටතේයි.

කළුතර, ගාල්ල, මාතර, කොළඹ, බස්නාහිර පළාත් - දකුණ හා බස්නාහිර පළාත් - උතුර අපරාධ කොට්ඨාස මඟින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිරිඳිවෙල, අංගොඩ, ඉදුරුව, කොළඹ 08, කොළඹ 10, කොළඹ 12, කොළඹ 13 සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණවී ඇත්තේ.