හෙලිකොප්ටර් යානා අනතුරකින් සිදුවූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය හේතුවෙන් ඉරානය දින 05ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි විසින් එම ශෝක කාලය ප්‍රකාශය පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් එරට පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට ද ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ අනුමැතිය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය ඊයේ අනතුරට ලක් වුණේ අසර්බයිජානයේ නැගෙනහිර ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් ඉරානයේ විදේශ අමාත්‍යවරයා, නැගෙනහිර අසර්බයිජානයේ ආණ්ඩුකාරවරයා ඇතුළු 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහය දැක්වීමට සූදානම් බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.