Tuesday, March 25, 2025

General line - 0115112241

 ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සිය පක්ෂය සූදානම්  - හර්ෂණ රාජකරුණා



ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළවුණා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සිය පක්ෂය සූදානම් බවයි. 


ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සුදුසු බව සිය පක්ෂයේ මතය වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.


පිවිතුරු හෙළ උරුමය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම රටට අහිතකර බවයි.