Sunday, February 23, 2025

General line - 0115112241

එල් පී එල් ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ

එන් ඒ ඩබ් නිරෝෂන්



2024 ලංකා ප්‍රිමියර් ලීග්, LPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙනවා.

කොළඹදී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන දේශීය හා විදේශීය ක්‍රිඩකයින් ගණන 420ක්.

ඒ අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 154 දෙනෙකු ඇතුළත්.  

ප්‍රකට ඉන්දීය වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙම වෙන්දේසිය මෙහෙයවනු ලබනවා.

අද පැවැත්වෙන එල් පී එල් ක්‍රීඩක වෙන්දේසිය සම්බන්ධයෙන් තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවල මෙලෙස අදහස් පළකළා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග්, LPL ක්‍රිකට් තරඟාවලිය ජූලි 01වනදා ආරම්භ වීමට නියමිතයි. මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්වීමට නියමිතයි.

පල්ලේකැලේ, දඹුල්ල සහ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගනවල තරඟ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

තරඟාවලිය ජූලි 21වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.