Tuesday, March 25, 2025

General line - 0115112241

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද



ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරට වේලාවෙන් අද දිනයේ සිදුකරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහුගේ දේහය සොයාගැනීමත් සමඟ අනතුරු සිදු වූ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම් අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ ඉරාන ජනාධිපති ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා වූ මැතිවරණය ලබන 28 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ වන තුරු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් ඉරාන ජනාධිපති ධූරයේ වැඩ බලන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මරණය පිළිබඳ රටවල් රැසක් සිය ශෝකය පළකර තිබෙනවා.

ඒ අතරට ඉරාන හිතවාදී සිරියාව සහ ලෙබනනය වැනි රටවල් ප්‍රධානයි.

මීට අමතරව පකිස්ථානය, ඉන්දියාව, තුර්කිය, රුසියාව සහ යුරෝපා සංගමය ද ඇතුලත්.

ඉරානයේ සහාය ලබමින් ඊශ්‍රායලයට එරෙහිව සටන්වදින පලස්තීනයේ හමාස්, යේමනයේ හූති සහ ලෙබනනයේ හිස්බුල්ලා යන සන්නද්ධ සංවිධාන ද ඉරාන ජනාධිපතිගේ මරණය පිළිබඳ ශෝකය පණිවිඩ නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් අමෙරිකාවේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් ධවල මන්දිරය පවසා ඇත්තේ කලාපය පුරා ඇති ත්‍රස්තවාදී ජාල සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහය දැක්වූ බවයි.

කලාපය පුරා ඇති ත්‍රස්තවාදයට ඉරාන ජනාධිපති වගකිව යුතු බවත් ඔහුගේ අත්වල ලේ තැවරී ඇති බවත් ධවල මන්දිරය පවසනවා.