වෘත්තිය සමිති කිහිපයක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය වැඩ වර්ජනය අද දින බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මකයි.
කෙසේවෙතත්, කළුතර ශික්ෂණ රෝහලේ සියලුම සායනික සහ නේවාසික ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඖෂධ නිකුත් කිරීම මෙන්ම ස්කෑන් පරීක්ෂණ, රුධිර පරීක්ෂා කිරීම ඇතුළු සියලුම සායනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන ආකාරයද දැක දැකකගත හැකි වුණා.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් ද අදහස් දක්වමින් කියා සිටියේ පරීක්ෂණ කටයුතු මෙන්ම ඖෂධ නිකුත් කිරීමද සාමාන්‍ය පරිදි සිදුවූ බවයි.