Tuesday, March 25, 2025

General line - 0115112241

බොරැල්ලේ ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමනයට තවදුරටත් බාධා



බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය හා කනත්ත අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා.

මෙම ගස කඩා වැටුණේ අද පෙරවරුවෙයි. අනතුරින් වාහනයකට ද හානි සිදුව තිබුණා.

කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේ කටයුතුවල නියැලෙමින් සිටිනවා.

පොලිසිය පැවසුවේ බෞද්ධාලෝක මාවතේ සිට කාසල් රෝහල දක්වා එක් මන්තීරුවක් පමණක් විවෘත කර ඇති බවයි. සම්පූර්ණ මාර්ගය යතා තත්ත්වයට පත් කිරීමට තවත් පැය භාගයක් පමණ ගතවන බව පොලිසිය සඳහන් කළා.