බන්ධනාගාර නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර අද දහවල් පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සදහා බාධා වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බැවින් එය ඉටුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට තමන් කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පසුගිය විසිවනදා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා විසින් ලබා දුන් එම පොරාන්දුව පිළිබදව විශ්වාසය තබමින් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන බව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ නිලධාරින් ප්‍රකාශ කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පැවසුවේ.
රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නිලධාරින් පිරිසක් ඊයේ පෙරවරුවේ සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා.