Friday, April 19, 2024

General line - 0115112241

අතුරුදන්වූවන් ගැන සොයන කාර්යාලය පිළිබඳ පනතට කතානායක අත්සන් තබයි




අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය අද (23) පෙරවරුවේ අත්සත් තැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ මූල්‍ය කළමනාකරණ වගකීම් සංශෝධන පනත් කෙටුම්පතටද කතානායකවරයා අත්සන් තැබූ බවයි.

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණේ ඉකුත් 11 වැනිදායි.