Sunday, February 23, 2025

General line - 0115112241

බස්නාහිර හා සබරගමුවට අද මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි



නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ.  

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගාවන්හි ජල මට්ටමද ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවා.