නීති විරෝධී ලෙස ඇත් දළ අත්පත් කර ගැනීමේ අරමුණින් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශව හතක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්, ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ, ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් එම පෙත්සම ගොනු කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු 27 දෙනෙකු නම් කර තිබෙනවා.