නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම බලකායේ තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කෘෂි රසායන හා පොහොර අලෙවි ආයතන 02ක සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීම්වලදී කුරේටර් කෘමි නාශක කිලෝ 30ක්, විවිධ වර්ගයේ නීති විරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 40ක් හා විවිධ වර්ගයේ නීති විරෝධී කෘෂි රසායනික බෝතල් 20ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කැටඹුලාව සහ නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
සිද්ධියට සම්බන්ධ වැඩිදුර විමර්ශන රඹුක්පිටිය කෘෂිකර්ම පර්යේෂණ කාර්යාලය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.